සත්‍යයේ පුවත් අඩහැරය….
පසුගියදා ඉන්දීය සංචාරයේ නියැලුනු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජම්බු කාශ්මීර ප්‍රාන්තයේ ටිබේට් දේශසීමාවට ආසන්නයේ පිහිටි ලා ලඩෙක් ලාමාශ්‍රමය නැරඹීමට ගොස් ඇත. 1630 දී ආරම්භ කර ඇති මෙම ආශ්‍රමය ප්‍රාන්තයේ භික්ෂූන් විශාල සංඛ්‍යාවක් සිටින විශාලතම ආශ්‍රමය වෙයි. එහි සංචාරයක යෙදුන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ආශ්‍රමයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ සමග සාකච්ඡාවකටද සහභාගී විය.