සත්‍යයේ පුවත් අඩහැරය….
ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිස්ත්‍රික්කවල මැතිවරණ බලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද(31) පැවැත්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ. අදාළ මැතිවරණය පැවැත්වෙන දිස්ත්‍රික්කවල ජ්‍යොෂ්ඨ මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මෙම සාකච්ඡාව සඳහා පැමිණීමට නියමිතය. නීත්‍යානුකූලව ඡන්ද පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සහ අදාළ දිස්ත්‍ර්‍රික්කවල මැතිවරණ කටයුතු සඳහා නිලධාරීන් පත්කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් දැනුවත් කිරීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.