සත්‍යයේ පුවත් අඩහැරය….
යුද්ධය අවසාන වීමෙන් පසු 440,000කට අධික පිරිසක් නැවත පදිංචි කරවමින් ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ මානූෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජෝන ගින්ග් ශ්‍රී ලංකාවේ කළ තෙදින සංචාරයකින් පසු එම අදහස් පළ කර ඇති අතර ශ්‍රී ලංකාවට සපයන මූල්‍ය දායකත්වය අඛණ්ඩව ඉදිරියටත් ගෙන යන බවද අවධාරණය කර ඇත. බලධාරින් සමග අඛණ්ඩ ඒකාබද්ධතාවකින් සහ සාමූහික එකඟත්වයකින් ඉතිරි මානූෂිය අවශ්‍යතාවලට සහය දක්වන බවද හෙතෙම පවසා ඇත.