Written by Admin on 09 අගෝස්තු 2012
වැටුප් විෂමතා ගැටලුව ප්‍රධාන කොටගත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබීමට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්යවරු අද (09) පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතාවක නිරත විය. තමන්ට වහාම විසදුමක් ලබා දෙන ලෙසත් උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටළුව වහා විසඳන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටින ලදී. එම උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණේ සහයද ලැබී තිබුණි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, දඹර අමිල හිමි හා ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති ද එම අවස්ථාවට සහභාගී විය.
ඡායාරූප හා වාර්තාව – නුවන් චාමර
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත