සත්‍යයේ පුවත් අඩහැරය….
ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළද විදුලි බිඳවැටීම්වලට ඉඩ ලබා නොදෙමින් අඛණ්‌ඩව විදුලිය ලබාදීමට ඉංජිනේරුවන් ඇතුළු සේවකයන්ට හැකි වූ බව විදුලිබල මණ්‌ඩල ඉංජිනේරු සංගමය පවසයි. අපොස උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය මෙන්ම සමස්‌ත පාරිභෝගිකයන්ට විදුලිබලය අහිමි වීමෙන් සිදුවන අපහසුතා සලකා ඉංජිනේරුවන් ඇතුළු සේවක පිරිසක් පැය විසිහතර පුරාම සේවයේ නිරත වෙමින් අඛණ්‌ඩව විදුලිබල ලබාදුන් බව එම සංගමය පවසයි. විදුලිය අඛණ්‌ඩව සැපයීමට විදුලිබල මණ්‌ඩල පාලනාධිකාරිය ගන්නා උත්සාහයට ඉංජිනේරු සංගමය උපරිම සහාය ලබාදෙන ඔවුන් අවධාරණය කරයි.