සත්‍යයේ පුවත් අඩහැරය….
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය බෂීර් සේගු ඩාවුඩ් නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව අප වෙත වාර්තා වේ. මේවන විට තමන් විසින් ජනාධිපතිවරයා වෙත් තම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. මෙවර පළාත් සභා මැතිවරණයේදී නැගෙනහිර පළාත් සභාවට තරගවදින මුස්ලිම් කොංග්‍රසයේ අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගීවීම සඳහාත්,එහිදී එකී ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ දේපළ පරිහරණය නොකළයුතු නිසාත් ඉල්ලා අස්වෙන්නට තීරණය කළ බව නියේජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත.