Written by Admin on 02 අප්‍රේල් 2010
සිරස නාලිකාවේ හිටපු ප්රවෘත්ති අධ්‍යක්ෂක කෙනෙකු හා මෙවර එජාප කොළඹ දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂකයෙක් වන සුසිල් කිදෙල්පිටිය අද මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එයට හේතුව වී ඇත්තේ කිදෙල්පිටිය සමග අනියම් සබදතාවක් පැවැත්වූ කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව යැයි මිරිහාන පොලිසිය පවසයි. මිරිහාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කිදෙල්පිටියගේ මෝටර් රථයේ තිබී බලපත්‍ර නොමැති පිස්තෝලයක් ද මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තවද මෝටර් රථය පදවාගෙන ගිය පුද්ගලයා නාවික හමුදාවෙන් පැන ආ අයෙක් නිසා ඔහුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත