සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

කථානායක සන්ධානයෙන්..

speaker7 නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස චමල් රාජපක්ෂ  පත් කිරීමට රජය සූදානම් වේ. නියෝජ්‍ය කථානායක ධුරයට නැවතත් පි‍්‍රයංකර ජයරත්න පත් කිරීමට යෝජනා වී ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අතර ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී මේ බව අනාවරණය කර ඇත. කථානායක සහ නියෝජ්‍ය කථානායක ධුරයට පත් කරන මන්තී‍්‍රවරුන් පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායකයා එකගත්වය පළ කර බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මෙහිදී පෙන්වා දී ඇත්තේ මීට ප‍්‍රථම අවස්ථා 3කදී පාර්ලිමේන්තුවේ කථානායක ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවූ බවයි. එම නිසා 7 වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරය ආණ්ඩු පක්ෂයට ලැබීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බව ඔහු පවසා ඇත. අනුර බණ්ඩාරනායක, ජෝෂප් මයිකල් පෙරේරා සහ වී ජ මූ ලොකුබණ්ඩාර යන කථානායකවරුන් තිදෙනාම පත් වූයේ එක්සත් ජාතික පක්ෂයෙනි.
මේ අතර හමුදා අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා  පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි. ඔහුට මන්ති‍්‍රවරයෙකු වශයෙන් දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමේ බාධාවක් නොමැති බවයි ජනාධිපතිවරයා සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් පරීක්ෂණ අවසන් වී යුද්ධාධිකරණය තීන්දුවක් ලබා දෙනතුරු ඔහු හමුදා භාරයේ රදවා තබන බව ජනාධිපතිතුමා අවධාරණය කර ඇත.
ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ නායකයා අතර පැවති සාකච්ඡාවේදී බලය විමධ්‍යගත කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත. එහිදී බලය විමධ්‍යගත කරන ආකාරය විපක්ෂ නායකට පවසා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසා සිටී.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට