සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වසර 02 ක් අාණ්ඩුවේ වැඩ වලට නිහඩව සිටි රතන හිමි හිටි හැටියේ ස්වාධීන වන බව පැවසීම විහිළුවක් – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

 /><span style=වසර දෙකක පමණ කාලයක් වත්මන් යහපාලන අාණ්ඩුව සමග කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හිටි හැටියේම ස්වාධීන වන බව පවසා සිටීම විහිළු සහගත බවත් රට තුළ මෙතෙක් කාලයක් තිස්සේ අැතිවූ විවධාකාරයේ ගැටළු සහගත අවස්ථාවලදී උන්වහන්සේට ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි වූයේ මන්දැයි විමසා සිටින බවත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසා සිටියි. මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික රණවිරු මේජර් නීතිඥ, අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (18) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

සිය අදහස් දක්වසමින් අජිත් ප්‍රසන්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින ලද්දේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අාණ්ඩුවට අභියෝගයක් වී අැති බැවින් මැතිවරණය පවත්වනු ලබන දිනයක් පිළිබදව හෝ පැවසීමට අාණ්ඩුවට නොහැකි වී අැති බවත් වත්මන් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන මරණය ඒ මහතාගේ සමීපයටම පැමිණ අැති බවයි. අාබාධිත හමුදා සාමාජිකයින් විසින් පසුගිය දා දියත් කරන ලද විරෝධතාවයේදී පොලිසිය විසින් සිදු කළ පහරදීම නිසා අැසක පෙනීම අහිමි වූ අාබාධිත රණවිරුවාට සාධාරණ වන්දියක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද අජිත් ප්‍රසන්න මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ගේ මහතාද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට