සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විල්පත්තු රක්ෂිතයේ වන විනාශය තව දුරටත්, පරිසරවේදීන්ගෙන් චෝදනා..

 /><span style=විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත කිහිපයක නැවත පදිංචි කරවීමක් කරන බව පවසමින් සිදු කරගෙන යන වන විනාශය නැවතී නොමැති බව පරිසරවේදිහු චෝදනා කරති. බලධාරීන් දැනුවත් කර ඇතත් අදාළ තත්ත්වයේ වෙනසක් දක්නට නොලැෙබන බවත් රජයේ අමාත්‍යවරයකුගේ මැදිහත්වීමකින් කරගෙන යනු ලබන මෙම වන විනාශයට එරෙහිව පරිසරවේදීන් විසින් සමාජයේ හඬක් නැගුවද විවිධ මිත්‍යා මත පතුරවමින් මෙම වන සංහාරය සාධාරණීකරණය කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වන බවද පරිසර ආරක්ෂණ මණ්ඩලයේ සාමාජික සජීව චාමිකර මහතා සදහන් කරයි.‍

කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පළ කළ සජීව මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේ පෙර පැවති සිතියම් සියල්ලෙහි තොරතුරු ගෙන බැලුවද මෙම කලාපය තුල වන ගහණයක් මිස ජනාවාස නොතිබූ බවයි. 2009 දී ඇරඹුණු නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ මෙම වනාන්තර කැපීම ආරම්භ වූ බවත් මේවන විටත් අක්කර 3000 කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ කර අැති බවත් විශාල වටිනාකමකින් යුත් මෙම පරිසර කලාපය අාරක්ෂා කිරීම රජය සතු වගකීමක් වන බව ද සජීව චාමිකර මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී. මෙම මාධ්‍ය හමුව සදහා පරිසර සංවිධාන රැසක සාමාජිකයන් පිරිසක්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට