මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා ඉල්ලා අස්වෙයි..
මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පවසා සිටියි. සිය පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බවත් අදාළ තනතුරෙන් ඉවත් වුවද මින් ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.