සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙද සේවාවේ ගැටළු විසදීමට බලධාරීන් වුවමනාවක් නෑ, හෙට සිට විරෝධතා දෙසතියක් – සමස්ත ලංකා හෙද සංගමය

 /><span style=හෙද සේවාව තුළ මේ වන විට උද්ගතව අැති ගැටළු විසදීම සදහා බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකිරීමට එරෙහිව හෙට (07) සිට විරෝධතා දෙසතියක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. අද (06) පුංචි බොරැල්ල, සමස්ත ලංකා හෙද සංගම් කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එම සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් කුමාරසිංහ මහතා පවසා සිටියේ වැටුප් විෂමතා, උසස්වීම්, දීමනා, හෙද හිගය, හෙද ව්‍යවස්ථාව අාදී කරුණූ ගණනාවක් සම්බන්ධයෙන් ගැටළු රැසක් හෙද සේවාව තුළ අැතිවී තිබෙන බවයි. අදාළ ගැටළු වලට විසදුම් ලබාගැනීම සම්බන්ධයෙන් දින සියයේ රජය තුළ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ, වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමගද තම සංගමය සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී අමාත්‍යවරයා විසින් පොරොන්දු මල්ලක් ලබා දුන් නමුත් මෙතෙක් කිසිදු අාකාරයකින් ගැටළු වලට විසදුම් නොලැබුනු බැවින් මෙම විරෝධතා දෙසතිය ක්‍රියාත්මක කරන බවත් ගාමිණි කුමාරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. මෙම කාලය තුළ දැනුවත් කිරීම්, අත්පත්‍රිකා බෙදා හැරීම්, සම්මන්ත්‍රණ, රැස්වීම් අාදී වැඩසටහන් තුළින් හෙද සේවාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින්ද විසදුම් නොලැබුනහොත් උද්ඝෝෂණ, විරෝධතා සහ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ටද ඉදිරියේදී එළඹීමට කටයුතු කරන බවත් කුමාරසිංහ මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා හෙද සංගමයේ සංවිධායක ලේකම් එස්.බී මැදිවත්ත සහ විධායක සභික ප්‍රියන්ත කුමාර යන් මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට