සත්‍යයේ පුවත් අඩහැරය….

විල්පත්තු ජාතික වන රක්ෂිත සීමාව තුළ කිසිදු අාකාරයක වන විනාශයක් හෝ ජනතාව පදිංචි කිරීමක් සිදු වන්නේ නෑ – පුරවැසි බලය සංවිධානය

 /><span style=විල්පත්තු ජාතික වන රක්ෂිත සීමාව තුළ කිසිදු අාකාරයක වන විනාශයක් හෝ ජනතාව පදිංචි කිරීමක් සිදු නොවන බව ඔප්පු කළ හැකි බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. අද (07) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා විසිනි.

යුද්ධය පැවති සමයේ කොටි සංවිධානයේ බලපෑම් හමුවේ විල්පත්තු වන රක්ෂිතය අාසන්නයේ පදිංචිව සිටි පිරිස් අදාළ ප්‍රදේශ වලින් ඉවත්ව ගොස් අැති අතර යුද්ධය නිමා වීමෙන් පසු නැවත එම පිරිස සිය මුල්පදිංචි ස්ථානකරා පැමිණ අැති බවත් මෙම එළි පෙහෙළි කිරීම් සිදුවන්නේ එම ප්‍රදේශ වල විනා වන රක්ෂිතය තුළ නොවන බවත් සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

අදාළ ගැටළුව මුල් කරගනිමින් රට තුළ ජාතිවාදී හෝ අාගම්වාදයක් අැති කිරීමට අැතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටින බවත් සිවිල් සංවිධාන හා පරිසර සංවිධාන එක්ව විල්පත්තු ප්‍රදේශය කරා ගොස් සත්‍ය තොරතුරු විමසා බැලූ බවත් එහි මුල් පදිංචිකරුවන්ට නිවාස ලබා දී ඔවුන් එම ස්ථාන වල පදිංචිකරවා, ජීවිතය ගෙන යාමට නිසි ජීවනෝපායක් සලසා දීම අාණ්ඩුවේ වගකීම වන බවත් සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ, ශ්‍රී ලංකා සොබා සාමුහිකයේ සභාපති තිලක් කාරියවසම්, අාණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති ඩී.එම්.ඩී අබේරත්න යන මහත්වරුන් සහ විල්පත්තු ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් නියෝජනය කරමින් සිංහල, මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතා නියෝජනය කරමින් පිරිසක් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට