සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” රටට, සාමාජයට පිළිලයක්, සෞඛ්‍ය සේවාව රැක ගැනීමට පාර්ලිමේන්තු පනතක් අවශ්‍යයි – පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය රටට, සාමාජයට පිළිලයක් බවත් පොළොවට ඉහළින් හිද කටයුතු කරන වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මෙම වෙෙද්‍ය විද්‍යාලයට අනියම් අයුරින් ට සහාය ලබා දෙන බවත් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ඊයේ (06) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ සාමාජික සමන්ත කෝරළේඅාරච්චි මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව මේ වන විට අදහස් දක්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පාලන කාලයේදී ඊට සහාය පළ කළ බවත් අමාත්‍ය එස්.බී දිසානායක මහතාද සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට සිය ප්‍රසාදය පළ කර අැති බවයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ කැදවුම්කරු වෙෙද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ මෙම පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය තුළින් සිදුවන්නේ රටත් ජනතාවත් රැවටීමකට ලක්වීම පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී මෙන්ම වත්මන් අාණ්ඩුවද මෙම පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අාරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා වෘත්තීය සමිති රැසක නියෝජිතයින් අැතුළු පිරිසක් සහභාගි විය.

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට