සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” විරෝධී සියළු දෙනාට අපේ සහාය ලබා දෙනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අැතුළු විශ්වවිද්‍යාල සිසුන් සහ ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරන ලද බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. ඊයේ (07) රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එම සංගමයේ ලේකම් වෙෙද්‍ය නවීන් ද සොයිසා මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

එහිදී වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් වෙෙද්‍ය නවීන් ද සොයිසා මහතා පවසා සිටියේ මෙම පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා ලිඛිතව දැනුවත් කරන ලද බවත් ඒ සම්බන්ධයෙන් එතුමාගේ ස්ථාවරය පැහැදිලි කරනු අැති බවට තම සංගමය බලාපොරොත්තු වන බවයි. ඉදිරියේදී ජනාධිපතිවරයා සමගද මෙම ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් විසින් සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සත්‍ය සහ නිවැරදි කරුණු අධිකරණය වෙත වාර්තා කර නොමැති බවත් වෙෙද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් පවසා සිටියි.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරුන් වන වෙෙද්‍ය හරිත අලුත්ගේ සහ වෙෙද්‍ය චන්දන ධර්මරත්න යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට