සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වයස 55 සම්පූර්ණ වන අාබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප පමණක් හිමිවීම අසාධාරණයක් – සමස්ත ලංකා දිවිපිදූ, අාබාධිත රණවිරුවන්ගේ සංගමය

 /><span style=අාබාධිත රණවිරුවන් හට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමේදී ඔවුන්ට දැනට හිමිවන වැටුප සහ අාබාධිත දීමනාව අහෝසි වී විශ්‍රාම වැටුප පමණක් හිමිවීම දැඩි අසාධාරණයක් බවත් ඉතා සුළු මුදලක් වන අදාළ විශ්‍රාම වැටුප සමග අාබාධිත දීමනාව සහ වැටපු ලබාදෙන ලෙස සමස්ත ලංකා දිවිපිදූ, අාබාධිත රණවිරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටියි. ඊයේ (13) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ සමස්ත ලංකා දිවිපිදූ, අාබාධිත රණවිරුවන්ගේ සංගමයේ සභාපති දේශබන්දු අනුර වැලිගමුවේ මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අනුර වැලිගමුවේ මහතා පවසා සිටින ලද්දේ අදාළ තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා අැතුළු බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද මෙතෙක් කිසිදු විසදුමක් ලැබී නොමැති බවයි. අබාධිත රණවිරුවන් මුහුණ දී අැති ගැටළු සම්බන්ධයෙන් ‍සත්‍ය වශයෙන්ම පෙනී සිටින මෙම සංවිධානය, විරෝධතා සිදු නොකර සාකච්ඡා මාර්ගවලින් සිය ගැටළු වලට විසදුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන නමුත් බලධාරීන් දිගින් දිගටම මෙම ගැටළුකාරී තත්ත්වය විසදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී යම් යම් ක්‍රියාමාර්ගයන්ට යොමු වන බවත් අනුර වැලිගමුවේ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා දිවිපිදූ, අාබාධිත රණවිරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික එස්.ඩී ෆොන්සේකා සහ ලේකම් නාමල් නිශාන්ත යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට