සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වත්මන් අාණ්ඩුව පිරිවෙන් අධ්‍යාපනය බිද දැමීමට උත්සාහයක නිරතව සිටිනවා – ලංකා පිරිවෙන් ගුරු සංගමය

 /><span style=එක්සත් ජාතික පක්ෂය විසින් රට පාලනය කරනු ලැබූ පසුගිය කාල වකවානුවේදී මෙන්ම වත්මන් දෙමුහුන් අාණ්ඩුවද සමස්ත පාලනයම අර්බුදකාරී තත්ත්වයකට රට අැද දමා අැති බව ලංකා පිරිවෙන් ගුරු සංගමය අවධාරණය කර සිටියි. ලංකා පිරිවෙන් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසින් මෙම අදහස් පළ කරන ලද්දේ අද (15) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි පවසා සිටියේ අධ්‍යාපනය විකුණාදැමීම සදහා වත්මන් අාණ්ඩුව සෘජුව හෝ වක්‍රව දායක වෙමින් සිටින බවයි. අාණ්ඩුව විසින් පිරිවෙන් අධ්‍යාපනය සදහා කරනු ලබන ප්‍රතිපාදන වෙන් කිරීම, අවම තත්ත්වයකට පත්කරමින් මෙරට පිරිවෙන් අධ්‍යාපනය බිද දැමීමට උත්සාහ කරමින් සිටින බව මනාව පැහැදිලි වන බවත් පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් බලධාරීන් සතුව නිසි වැඩපිළිවෙළක් නොමැති බැවින් අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශය සහ බලධාරීන් අතර විවිධ මතභේදයන් අැතිව තිබෙන බවත් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ලංකා පිරිවෙන් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය මීගහඉදුරේ සීලානන්ද හිමි සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් එම්.එම්.සී.එච් බණ්ඩාර මහතාද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට