සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” ගැන බලධාරීන් විසදුමක් දෙනවා නම් ඊට මැදිහත් වීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නෑ – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කර නිසි විසදුමක් ලබා දීමට කටයුතු කරන්නේනම් තම සංගමයට මෙම ගැටළුව සම්බන්ධයෙන් මැදිහත් වීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (21) එම සංගම් කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා විසිනි. සිය අදහස් දක්වමින් වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා වැඩිදුරටත් පවසා සිටින ලද්දේ වෙෙද්‍ය අධ්‍යාපනයේ නිසි ප්‍රමිතියක් අැති කිරීම අරමුණූ කර ගනිමින් සමස්ත සයිටම් විරෝධී කණ්ඩායම් සමග එක්ව දැඩි අරගල ක්‍රියාත්මක කරන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෙෙද්‍ය හරිත අලුත්ගේ මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට