සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බෙදුම්වාදීන්ට සහ ත්‍රස්තවාදීන්ට යුද්ධයෙන් කිරීමට නොහැකි වූ දේ නව ව්‍යවස්ථාවක් හරහා සිදු කරගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මකයි – ජාතික සංවිධාන එකමුතුව

 /><span style=බෙදුම්වාදීන්ට සහ ත්‍රස්තවාදීන්ට යුද්ධයෙන් සිදු කරගැනීමට නොහැකි වූ දේ මේ වන විට දෙමළ ඩයස්පෝරාව, විදෙස් බලවේග විසින් නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා සිදු කර ගැනීමට උත්සාහ කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. ඊයේ (21) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික සංවිධාන එකමුතුවේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ වත්මන් අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය වී අැත්තේ මෙරට කෘෂි කර්මාන්තය විනාශ කිරීමට බවයි. ඒ සදහා අග්‍රාමාත්‍යවරයා විසින් විවිධ ප්‍රකශ සිදු කරමින්, විවිධ කටයුතු සිදු කරමින් සිටින බවත් වත්මන් අාණ්ඩුව විසින් ඉදිරියේදී හදුන්වා දීමට නියමිතව අැති නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රටතුළ දැඩි අර්බූදකාරි තත්ත්වයක් අැතිවනු අැති බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ගුණදාස අමරසේකර, සාමාජිකයින් වන නීතිඥ කළ්‍යානන්ද තිරණාගම සහ වෙෙද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට