සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටක් ලෙස ඉදිරියට යාමට අධ්‍යාපනයේ දැවැන්ත සංවර්ධනයක් අවශ්‍යයි, රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට සියළු බර දරන්න බෑ, “සයිටම්” වැනි අායතන අවශ්‍ය ඒ නිසයි – අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය

 /><span style=රටේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම අැතුළු අනෙකුත් අංශ පුද්ගලිකරනය වී අැති තත්ත්වයක් තුළ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පමණක් විරෝධය පළ කරන්නේ රෙදි අැදගෙනදැයි විමසා සිටින බව අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. අද (22) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී මෙම අදහස් පළ කරන ලද්දේ අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ අධිකරණය විසින් “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් නිසි පරිදි තීන්දුවක් ලබා දී අැති බවත් ජනාධිපතිවරයා පවා මේ වන විට අදාළ ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත්ව සිටින බවයි. රටක් ලෙස ඉදිරියට යාමට නම් අධ්‍යාපනයේ දැවැන්ත සංවර්ධනයක් අවශ්‍ය වන බවත් උසස් පෙළ විභාගයෙන් සමත්වන සියළු සිසුන්ගේ බර දැරීමට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට නොහැකි බවයි. ඒ සදහා පුද්ගලික අංශයේ මෙන්ම විදෙස් අාධාරද ලබා ගතයුතුව අැති බවත් නිසි ප්‍රමිතියක් යටතේ අදාළ කටයුතු සිදු කිරීම සදහා රජය මැදිහත්විය යුතු බවත් සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය අනුර කුමාර, විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් මදුරප්පෙරුම සහ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කීර්ති අත්තනායක යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට