සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඒකාබද්ධ විපක්ෂයේ පැමිණිලි ඉදිරියේ බලධාරීන් ගොළුවන් සහ බිහිරන් වෙලා, විමර්ශන නොමැති නිසා නැවත පැමිණිලි නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

ලංකා විදුලි බල මණ්ඩලය සදහා ගල් අගුරු ගෙන්වීමේදී මෙරටට රුපියල් මිලියන 5000 ක අලාභයක් සිදුවීම සම්බන්ධයෙන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි. අද (16) බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් වික්‍රමනායක මහතා අවධාරණය කර සිටියේ ආදළ ගනුදෙනුව වංචාකාරී ගනුදෙනුවක් බව ශ්‍රේෂ්ඨාධිකරණය සහ විගණකාධිපතිවරයා මෙන්ම අදාළ සමගම විසින්ද පවසා ඇති තත්ත්වයක් තුළ අඛණ්ඩව එම ගනුදෙනුව සිදුකරගෙන යායුතු බව වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවසා සිටීම පුදුම සහගත බවයි.

රටතුළ සිදුව ඇති මහා පරිමාණ වංචා දූෂණයන් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකරන ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ආකාරයක විමර්ශනයක් සිදු වී නොමැති අතර රටේ නීතියේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අවබෝධයක් මෙමගින් ලබා ගත හැකි බවත් විදුර වික්‍රමනායක මහතා සිය අදහස් පළ කරමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කර සිටියේ ලොව දූෂිත රටවල් අතරින් ශ්‍රී ලංකාව මේ වන විට ඉදිරියට පැමිණ ඇති බවයි. මෙම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට වත්මන් ජනාධීපතිවරයා මැදිහත්ව කටයුතු නොකරන ආකාරයක් පෙනී යන අතර ඒකාබද්ධ විපක්ෂයේ පැමිණිලි සම්බන්ධයෙන් බලධාරීන් ගොළුවන් සහ බිහිරන් සේ කටයුතු කරන බැවින් මින් ඉදිරියට යහපාගන රජයේ වංචා දූෂණ පිළිබදව පැමිණිලි නොකරන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර සහ පියල් නිශාන්ත යන මහත්වරුන්ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට