සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයාට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මෙරට වෛද්‍ය සේවය සහ වෛද්‍ය අධ්‍යාපනය නිසි පරිදි නියාමනය කිරීම සදහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිසි පිරිදි කටයුතු නොකිරීම තුළින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රතිපත්තිය විනාශ වීම නිසා මෙරට වෛද්‍ය අධ්‍යාපනය බරපතල ගැටළුවකට මුහුණ දී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් ඒ මහතා පවසා සිටින ලද්දේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකුට පසුගිය දා එල්ල වූ ප්‍රහාරය දැඩිලෙස හෙළා දකින බවයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන සී.සී.ටී.වී දර්ශන සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර ඉදිරි සති දෙකක කාලය තුළ මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළයුතු බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා වැඩිදුටරත් පවසා සිටින ලදී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම සුරැකීම සදහා කොන්දේසි විරහිතව පෙනී සිටින බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා තවදුරටත් සිය අදහස් පළ කරමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා, සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සහ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට