සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණියේ මෙරට මෝඩ දේශපාලඥයින්ගේ අාරාධනාවකට අනුවයි – ජාතික සංවිධාන එකමුතුව

තම රට ගැන කිසිදු හැගීමක් නොමැති, තම පාලන බලය රැකගැනීම පමණක් අරමුණු කරගත් මෙරට මෝඩ දේශපාලඥයින්ගේ අාරාධනාවකට අනුව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය දා මෙරට සංචාරයක නිතර වූ බවත් ජාතික සංවිධාන එකමුතුව චෝදනා කර සිටියි. අද (18) කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් විසිනි.

වැඩිදුරටත් සිය අදහස් පළකරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අවධාරණය කර සිටියේ තිස් වසරක් පුරාවට මෙරට පැවති යුද්ධය ජයග්‍රහණය කළ කාල වකවානුව උදා වි අැති නමුත් විජයග්‍රහණ සතියක් හෝ ප්‍රකාශයට පත් කිරීමට අාණ්ඩුව කටයුතු කර නොමැති නමුත් විවිධ චෝදනා එල්ල කරමින් මෙම සතිය තුළ නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට කටයුතු කිරීම පිළිබද දැඩි කණගාටුවක් අැති වන බවයි. වත්මන් යහපාලන අාණ්ඩුව බලයෙන් පහකිරීම රටට ඉතා වැඩදායී, ශාන්ති කර්මයක් මෙන් වන බැවින් ඒ සදහා අවශ්‍ය කරනු ලබන ඕනෑම පියවරක් ගන්නා බවද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සිය අදහස් පළ කරමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා ජාතික සංවිධාන එකමුතුවේ සභාපති මහාචාර්ය ගුණදාස අමරසේකර, ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් වන වෙෙද්‍ය වසන්ත බණ්ඩාර සහ නීතිඥ කල්‍යාණන්ද තිරණාගම යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට