සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” විරෝධී පාගමනට එල්ලවූ ප්‍රහාරයට එරෙහිව වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවයක..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාස කරන ලද බවට චෝදනා කරමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට එරෙහිව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) උදෑසන අළුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක් පවත්වන ලදී. පුරවැසි බලය සංවිධානය විසින් අදාළ පැමිණිල්ල සිදු කරන ලද අතර අදාළ නඩු විභාගය ලබන අගෝස්තු 02 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කරන ලද අතර මෙම විරෝධතාවයෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ විශ්වවිද්‍යාල සිසුන් සමග අළුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටට පාගමනින් පැමිණ එහිදී විරෝධතාවයක් පැවැත්විය.

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පසුගිය දා පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරයට හෙළා දකිමින් සහ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බලකරමින් මෙම විරෝධතා පාගමන සහ විරෝධතාවය පැවැත්වූ අතර මෙම අවස්ථාව සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා, සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට