සත්‍යයේ පුවත් අඩහැරය….

සිංහල බෞද්ධයින් කුපිත කරවා රට ලේ විලක් කිරීමට උත්සාහ කරන ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගතයුතුයි – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සදහා බොදුබල සේනා සංවිධානය, වත්මන් අාණ්ඩුවේ අමාත්‍යධූරයක් දරණ පාඨලී චම්පික රණවක මහතා සහ නෝර්වේ රාජ්‍ය එක්ව කුමන්ත්‍රණයක් දියත් කළ බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (13) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

මෙරට තිස් අවුරුද්දක් පුරාවට පැවති යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් රටේ මුස්ලිම් ජනතාව සතුටට පත්වුවත් “හලාල්” ගැටළුව අැති කරමින් මුස්ලිම් ජනතාවගේ ඡන්ද මහින්ද රාජපක්ෂ මහතාගෙන් අෑත් කිරීමට කටයුතු කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි හෝ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ වන විට හලාල් ගැටළුව සම්බන්ධයෙන් කිසිදු අදහස් පළ කිරීමක් සිදු නොකරන බව ද මේජර් අජිත් ප්‍රසන්න මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

2020 වර්ෂයේදී ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් වීම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සිහිනයක් බවට පත්ව අැති බවත් එහිදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්ෂයා ලෙස ඉදිරිපත්වීම වැළැක්‌වීම සහ සිංහල බෞද්ධ ඡන්ද 90% ක ප්‍රමාණයක් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දෙසට හැරවීමේ අරමුණින් බොදු බල සේනා සංවිධානය ව්‍යාපෘතියක නිරතව සිටින බවද අජිත් ප්‍රසන්න මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටින ලදී.

මේ වන විට රටතුළ මුස්‌ලිම් අාගමික ස්ථාන වලට සහ වෙළදසල් වලට පහරදීමේ සහ ගිනි තැබීමේ සිදුවීම් රැසක් සිදුව අැති නමුත් ඊට සම්බන්ධ කිසිවෙකු මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත්ව අැති අතර රට තුළ විවිධ කලබලකාරී තත්ත්වයන් අැති කර හදිසි නීතිය යළී බලාත්මක කිරීම තුළින් මර්දනකාරී වැඩපිළිවෙලක් දියත් කර තමන්ට අවශඨ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අාණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඒ හරහා රට තුළ ෆෙඩරල් ව්‍යවස්ථාවක් අැතිකිරීම රජයේ අරමුණ වී අැති බවත් අජිත් ප්‍රසන්න මහතා මෙහිදී පැවසීය. බොදු බල සේවා සංවිධානය යනු බටහිර රූකඩයක් බව තමන් මීට පෙර සිටිම පවසා සිටි බවත් සිංහල බෞද්ධ ජනතාව කුපිත කරවා රටම ලේ විලක් බවට පත්කිරීමට උත්සාහ කරන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මාධ්‍යවේදීන්ට පහර දීම, අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් රැසක් මේ වන විට අත්අඩංගුවට ගෙන අැති බවත් මෙතෙක් ඔවුන්ට අැප ලබා දීමට කටයුතු කර නොමැති බවත් සිය අදහස් දැක්වූ අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් කරුණු අවධාරණය කරමින් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සාමාජික අසේල ධර්මසිරි මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට