සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෙෙද්‍යවරු “සයිටම්” විරෝධී සටනට පණ පොවද්දී අහිංසක රෝගීන් දිවි රැක ගන්න සටනක් අාරම්භ කරලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය “සයිටම්” විරෝධී සටනට පණ පොවමින් සිටිය දී අහිංසක රෝගී ජනතාව හට සිය දිවි රැක ගැනීම සදහා සටනක් අාරම්භ කිරීමට සිදුව අැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ බව සදහන් කර සිටින අතර අදාළ නිවේදනය තුළ වැඩිදුරටත් සදහන් වන්නේ, ගැටළුව වී අැත්තේ රටේ ජනතාව වෙත ගුණාත්මක වෙෙද්‍ය සේවාවක් ලබා දීම සම්බන්ධයෙන් වෘත්තීය අරගල දියත් කිරීම සම්බන්ධයෙන් නොව ඒ සදහා අහිංසක රෝගී ජනතාව බිල්ලට ගැනීම පිළිබද බවයි.

මෙම අසාධාරණ වැඩවර්ජනය අත්හිටුවන ලෙස රටේ සියළුම රෝගීන් වෙනුවෙන් රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර සිටින අතර යම් හෙයකින් මෙම වර්ජනය අත්හිටුවීමට කටයුතු නොකළහොත් සාමාන්‍ය ජනතාව ඊට විරෝධය පළ කරනු අැති බවත් මෙම වර්ජනයෙන් යම් ලෙසකින් රෝගියෙකු මිය ගියහොත් රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ තනතුරු දරන්නන්ගේ නම් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලයිස්තුවට අැතුළත් කළයුතු බවත් මෙම නිවේදනය තුළ වැඩිදුරටත් සදහන්ය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට