සත්‍යයේ පුවත් අඩහැරය….

එජාප තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩලයක් අද සිරිකොතේදී..

UNPඑක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු සඳහා දිගු කාලයක සිට පැවැති අර්බුදය අද (21 වැනිදා) සවස පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී විසදාගැනීමට එම පක්‍ෂය තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට නොහැකිව ඡන්ද විමසීමක්‌ අවශ්‍ය බවට යෝජනා වුවහොත් මේ සතිය තුළ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම රැස්‌කර අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට ද එම පක්‍ෂය සැලැසුම්කර තිබේ.

නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද සවස පිට කෝට්‌ටේ සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී පැවැත්වෙන මෙම රැස්‌වීමට සහභාගි වන ලෙස එම පක්‍ෂය සියලු කෘත්‍යාධිකාරී මණ්‌ඩල සභිකයන්ට දැනුම් දී ඇත. නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත්කර ගැනීම සාකච්ඡා මට්‌ටමෙන් සිදුකිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම අතර ඡන්දයක්‌ පැවැත්විය යුතු බවට එ.ජා.ප. නව ව්‍යවස්‌ථාවේ සඳහන්ය.

කෙසේ හෝ පක්‍ෂය අර්බුදයකට නොයවා සාකච්ඡා මාර්ගයෙන් මෙම තනතුරු සඳහා පත්කර ගැනීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්‌ උත්සාහ කළත් එය ව්‍යර්ථ වූ බවද පිරිසක්‌ කියති. පක්‍ෂ නායකත්වය වෙනස්‌ විය යුතු බව මෙන්ම එය හම්බන්තොට මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට හිමිවිය යුතු බව ප්‍රසිද්ධියේම සඳහන් කරන අය ද සිටිති. නව ප්‍රතිසංස්‌කරණ ඉල්ලා සිටින අය ලබන අප්‍රේල් මස 12 වැනිදා වන විට එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වය පිළිබඳව විවිධ අදහස්‌ පළ කර තිබීම නිසා මෙම කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම් බෙහෙවින් උණුසුම් විය හැකි බව ද පක්ෂ ආරංචි මාර්ග පවසයි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට