සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වත්මන් ආණ්ඩුව, රට බේරාගත් රණවිරුවන් බිල්ලට දීමේ දැවැන්ත උත්සහායක නිරතව සිටිනවා – “සිංහල සංගේදම” සංවිධානය

වත්මන් ආණ්ඩුව, රට බේරාගත් රණවිරුවන් බිල්ලට දීමේ දැවැන්ත උත්සහායක නිරතව සිටින අතර මෙරට හමුදාව විසින් මානව හිමිකම් කඩ නොකළ බවට ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කරුණු දැක්වීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියි. “ජිනිවා අරගලය” යන මැයෙන් සිංහල සංගේදම සංවිධානය විසින් ඊයේ (20) කොළඹ, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් සරත් වීරසේකර මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

සිය අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙරට සිටින එල්.ටී.ටී.ඊ හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ඇතුළු වත්මන් ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයින් විසින් ජිනීවාහි පැවති මානව හිමිකම් කොමිසම වෙත ගොස් මෙරට හමුදා සාමාජිකයින් විසින් මානව හිමිකම් කඩකළ බවට කරුණු දක්වා ඇති අතර යුද හමුදාව දියත් කරන ලද්දේ මානුෂීය මෙහෙයුමක් පමණක් වන අතර මානව හිමකම් කඩ කරමින් කටයුතු කළේ එල්.ටී.ටී.ඊ සංවිධානය වන බවට කරුණු දක්වා සිටි බවයි.

නමුත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදු කරන ලද මානව හිමිකම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කිසිවෙකු හෝ මෙතෙක් කටයුතු කර නොමැති බවත් මෙරට යුද්ධය පැවති සමයේ රතු කුරුස සංවිධානය සමග යුද භූමියට ගොස් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සාකච්ඡා කර රැගෙන එන ලද යුද හමුදා සිරකරුවන් හට දරුණු වද හිංසා කර තිබූ නමුත් එවැනි කරුණු සම්බන්ධයෙන් කිසිවෙකු හෝ කිසිදු අදහස් නොදක්වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

එමෙන්ම, උතුරේ හමුදා කදවුරු ඉවත් කරන ලෙසත් රටේ ඇතිවන හදිසි අවශ්‍යතා සදහා හමුදා සාමාජිකයින් යොදා ගැනීමෙන් වළකින ලෙසත් එල්.ටී.ටී.ඊ හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ඇතුළු පිරිස් මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇතත් පසුගිය කාලය පුරා රට තුළ ඇතිවූ ස්වාභාවික ආපදා තත්ත්වයන් තුළ යුද හමුදා සාමාජිකයින් දැඩි කැපවීමකින් කටයුතු කළ බවත් මෙරට පැවති යුද්ධයේ අවසාන සමයේ මිනිස් පළිහක් යොදා ගනිමින් කොටි නායකයින් පලා යාමට කළ උත්සාහය කාලතුවක්කු ප්‍රහාර තුළින් වැළැක්වීමට හැකිව තිබියදීත් මානුෂීයව කටයුතු කරමින් සිය ජීවිත පවා අහිමි කරගනිමින් ද්‍රවිඩ ජාතිකයින් බේරාගැනීමට මෙරට හමුදා සාමාජිකයින් කටයුතු කළ බව ද සරත් වීරසේකර මහතා තවදුරටත් පවසා සිටින ලදී.

අස්ගිරි පාර්ශව ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මෙම සම්මන්ත්‍රණයේ මුලසුන හෙබවූ අතර ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වල ශාසනරතන, බොදු බල සේනා සංවිධානයේ හිටපු සභාපති පූජ්‍ය කිරම විමලජෝති යන හිමිවරුන් සහ ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, සිංහල සංගේදම සංවිධානයේ සාමාජික ආචාර්ය චමිල ලියනගේ, හිටපු යුද හමුදාපති දයා රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට