සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මත්කුඩු හමුවීමේ සිද්ධියේ වගකීම භාර අරන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වහාම ඉල්ලා අස්විය යුතුයි – පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි

සතොස ආයතනය සදහා සීනි රැගෙන එන ලද ලොරි රථයක තිබී කොකේන් මත්කුඩු තොගයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකීම භාරගෙන අදාළ පරීක්ෂණ නිසි ලෙස කරගෙන යාමට අවස්ථාව සලසමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිට ධූරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි අවධාරණය කර සිටියි. ඊයේ (20) කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි විසින් මෙම අදහස් පළ කරන ලදී.

ඉහත මත්කුඩු තොගයක් හමුවීමේ සිද්ධියට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සෙහොයුරා ද සම්බන්ධ බව පවසා සිටි ආනන්ද සාගර හිමි වැඩිදුරටත් පවසා සිටියේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිය ධූරයේ තවත් රැදී සිටියහොත් මෙම කුඩු ජාවාරම සම්බන්ධ පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදුනොවුනු ඇති බවයි.

වර්තමානය වන විට රට තුළ මත්කුඩු ජාවාරම් සිද්ධීන් රැසක් වාර්තා වන බැවින් මෙම තත්ත්වය වැළැක්වීම සදහා මැදිහත් වන ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් මෙම ජාවාරම් සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු හෙළි කිරීම නිසා ඉදිරියේදී තමන්ට විවිධ බලපෑම් එල්ල විය හැකි වුවත් එම බලපෑම් වලට කිසිදු ලෙසකින් බිය නොවන බව ද සිය අදහස් දක්වමින් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි තවදුරටත් පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට