පැය 02 ක් තුළ රුධිර පරීක්ෂණ වාර්තා නැත්නම් ඩෙංගු ප්‍රතිකාර නෑ..
පෞද්ගලික රෝහල් තුළින් පැය 02 ක් තුළ නිකුත් නොකරන ඩෙංගු රෝගය සම්බන්ධ පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීමට වලංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. අදාළ වාර්තා නිකුත් කිරීමට ඇතැම් පුද්ගලික රෝහල් පැය 02 කට වඩා වැඩි කාලයක් ගතවන අතර මේ තුළින් ඩෙංගු රෝගීන් සදහා ප්‍රතිකාර ලබාදීමේදී දැඩි ප්‍රමාදයක් සිදුවන බවට වෛද්‍යවරුන් විසින් අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බව ද වාර්තා වේ.