සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයින පුරා ‍හොර වෙදුන් බෝ වෙලා – මෛත්‍රීපාල සිරිසේන

maithripala sirisenaසුදුසුකම් සම්පුර්ණ නොකළ පුද්ගලයන් හත් දහසක් පමණ වෛදවරුන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් රටේ විවිධ ප‍්‍රදේශවල ප‍්‍රතිකාර සේවා පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම පුද්ගලයන්ගෙන් ඇතැම් අය විද්‍යාත්මක නොවන ප‍්‍රතිකාර ක‍්‍රම භාවිත කරන්නන් බවයි. එවැනි ප‍්‍රතිකාර ක‍්‍රම නිසා රෝගීන් අසාධ්‍ය තත්ත්වයටත් ඇතැම්විට මරණයටත් පත්වු අවස්ථා රැසක් වාර්තා වී ඇති බව අවධාරණය කරයි.

සුදුසුකම් ලත් වෛද්‍යවරුන් යටතේ ඖෂධ සංයෝජකයන් ලෙස සේවය කළ පුද්ගලයන් ද දැන් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් ප‍්‍රතිකාර සේවා පවත්වාගෙන යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කීර්තිමත් වෛද්‍යවරුන්ගේ ඥාතිත්වය මත ප‍්‍රතිකාර සේවා පවත්වාගෙන යන්නන් පිළිබඳව ද තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඇතමුන් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි බවට ව්‍යාජ අංක පවා ප‍්‍රසිද්ධියට පත්කර ඇති බවයි අනාවරණ වී ඇත. මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම වැටලීම් සිදු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන නිලධාරීන්ට අද උපදෙස් දී ඇත. පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරුන් සහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන් මගින් වැටලීම් සිදු කරන ලෙස ඔහු නියෝග කර ඇත. ඊට අදාළ චක‍්‍රලේඛය නිකුත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්ට උපදෙස් ලබා දී ඇත.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට