Written by Admin on 21 මාර්තු 2011
මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුත් පුත්තලම ගල් අඟුරු බලාගාරයේ ප්‍රථම අදියර විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (මාර්තු 22) සිදු කිරීමට නියමිත බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වසර 2007දී ජනාපතිවරයාගේ මූලිකත්වයෙන් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ මෙම බලාගාරයේ ප්‍රථම අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 455 ක් වැය කෙරිණි. ශී‍්‍ර ලංකා රුපියල් මිලියන 5,300 ක් දේශීය වශයෙන් ආයෝජනය වූ අතර, ව්‍යාපෘතියේ ප්‍රධාන මූල්‍ය සැපයුම්කරු වන්නේ මහජන චීන සමූහාණ්ඩුවයි. එම විදුලි බලාගාරයේ ව්‍යපෘතිය භාරව කටයුතු කරන්නේ චීනයේ සී.එම්.ඊ.සී සමාගමය.
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත