සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය සම්පත් විකිණීමේ ප්‍රතිපත්තිය පරාජය කිරීමට නම් වත්මන් අාණ්ඩුවේ ගෙදර යැවිය යුතුමයි – සමස්ත ලංකා වරායා පොදු සේවක සංගමය

සාකච්ඡා ලබා දෙන බව පවසා වැඩ කරන ජනතාව මුලාවට පත්කරමින් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා, හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධ ගිවිසුමට අත්සන් කිරීම, ග්‍රාමසේවක මහතෙකු විසින් පවා සිදු නොකරන්නක් බව සමස්ත ලංකා වරායා පොදු සේවක සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (30) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සමස්ත ලංකා වරායා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා විසිනි.

සිය අදහස් පළ කරමින් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම ගිවිසුමත් සමග මෙරටට වටිනා, අගනා වස්තුවක් අහිමිව ගිය බවත් අත්සන් කරන ලද ගිවිසුමකට සංශෝධන ඉදිරිපත් කිරීම යනු පිළිගත නොහැක්කක් මෙන්ම ඒ අාකාරයට යම් සංශෝධන ඉදිරිපත් කිරීම දැන් අනවශ්‍ය බවයි.

“සයිටම්” ගැටළුව සදහා අාණ්ඩුව මැදිහත් වූ අාකාරය දෙස අවධානය යොමු කළ විට, වත්මන් අාණ්ඩුව නොපැකිළව මෙරට නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය විනාශ කරමින් සිටින බව මනාව පැහැදිලි වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාවන් වලට අනුව පමණක් කටයුතු කරන ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා බොරුකාරයෙක් බවට පත්ව අවසන් බව ද චන්ද්‍රසිරි මහගමගේ මහතා මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

රාජ්‍ය සම්පත් විකිණීමේ ප්‍රතිපත්තිය පරාජය කිරීමට නම් වත්මන් අාණ්ඩුවේ බලයෙන් පහ කළයුතු වන බැවින් ඒ සදහා ඒකාබද්ධ විපක්ෂය සමග හෝ මහ ජනතාව සමග ඒකරාශීව ඉදිරියේදී කටයුතු කරන බවද සමස්ත ලංකා වරායා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් අවධාරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට