සත්‍යයේ පුවත් අඩහැරය….

මව්බිම සුරැකීමේ ජාතික මහා බලවේගය අැරඹෙයි..

හොර ගිවිසුම් අත්සන් කරමින්, රටේ සම්පත් අත්තනෝමිතක ලෙස විකුණීම නිසා රට පත්වෙමින් අැති දැඩි අහිතකාරී තත්ත්වයට එරෙහිව කටයුතු කළයුතු සංවිධානයක දැඩි අවශ්‍යාතාවයක් මතුවීම නිසා “මව්බිම සුරැකීමේ ජාතික මහා බලවේගය” පිහිටුවා ගැනීමට කටයුතු කළ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද හිමියන් පවසා සිටියි. උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ අද (31) බොරැල්ල වජිරාශ්‍රමයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

සිය අදහස් දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද හිමි වැඩිදුරටත් පවසා සිටියේ ජනතා අැසට වැලි ගසමින් බලයට පැමිණි වත්මන් යහපාලන අාණ්ඩුව රටේ සම්පත් විකිණීම මෙන්ම බදු දීම පමණක් සිදු කරමින් සිටින බවයි. යම් ගැටළුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් විමසා සිටි විට වත්මන් ජනාධිපතිවරයා මුනිවත් රකිමින් සිටින අතර අාණ්ඩුවේ අමාත්‍යවරුන්ද පරස්පර විරෝධී අදහස් දක්වන බවත් මින් ගම්‍ය වන්නේ වත්මන් අාණ්ඩුවට නිසි භාරකාරුවෙක් නොමැති බව ද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද හිමි තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි අවධාරණය කර සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දිගින් දිගටම චෝදනා කරන වත්මන් අාණ්ඩුව, මහින්ද රාජපක්ෂ මහතා විසින්ම ඉදිකළ හම්බන්තොට වරාය විකිණීමට තරම් ලැජ්ජා සහගත තත්ත්වයට පත්වූ බවයි.

අද වන විට උතුර සහ නැගෙනහිර ප්‍රදේශ වල අාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයක් මතුව අැති අතර ඊයේ (30) යාපනය, කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකුට තියුණු අායුධ විලින් පහරදීමක් ද සිදුව අැති බවත් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සිය අදහස් පළ කරමින් තවදුරටත් පවසා සිටින ලදී.

සිය අදහස් දැක්වූ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ හම්බන්තොට වරායට අත්වූ ඉරණම, ඉදිරි කාලය තුළ රටේ අනෙකුත් රාජ්‍ය අායතන සහ රාජ්‍ය සම්පත් වලට ද අත්වනු අැති බැවින් රටේ සියළු දෙනාම මෙම තත්ත්වයට එරෙහිව කටයුතු කිරීම සදහා එක්විය යුතු කාලය එළඹ අැති බවයි.

මෙම අවස්ථාව සදහා රුහුණු පාර්ශවයේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප, පැවිදි හඩ සංවිධානයේ සාමාජකයින් වන පූජ්‍ය ගලගම ධම්මරංසි සහ ගොම්බද්දල දමිත යන හිමිවරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට