සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය රැකගැනීමේ සයිටම් විරෝධී ජාතික විරෝධතා දිනය හෙටයි – සයිටම් විරෝධී විදුලි බල වෘත්තීය සමිති එකමුතුව

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහාේසි කිරීම සහ මෙරට නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර රැකගැනීම අරමුණු කර ගනිමින් හෙට (02) දිනය සයිටම් විරෝධී ජාතික විරෝධතා දිනය වශයෙන් නම් කරන බව සයිටම් විරෝධී විදුලි බල වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. අද (01) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් රන්ජන් ජයලාල් මහතා පවසා සිටියේ හෙට දහවල් කොළඹ ලංකා විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවත් අාණ්ඩුවේ නිල මැරයන් බලා සිටියදී නිල නොලත් මැරයින් කොළොන්නාවේදී ඛනිජ තෙල් සේවකයින් හට පහර දුන් අතර අාණ්ඩුව වැඩ කරන ජනතාව මර්දනය කරන්නේ ඒ අාකාරයට නම් ඊට පිළිතුරු සැපයීමට ද සූදානම් බවයි.

චීනය ලවා ඉදිකරවාගන්නා ලද හම්බන්තොට වරාය චීනයටම විකිණීම සම්බන්ධයෙන් දැඩි කණගාටුවක් අැති වන බවත් පාඩු ලබන අායතනයක් නොවන ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත්ව අැත්තේ අවිධිමත් අාකාරයට පත්වීම් ලබා දීම සහ මූල්‍ය රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා බවත් රන්ජන් ජයලාල් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා විදුලි පොදු සේවක සංගමයේ ලේකම් මාලක වික්‍රමසිංහ මහතාද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට