රට පුරා අද විරෝධතා, රාජ්‍ය සහ පුද්ගලික අංශ වෘත්තීය සමිති අැතුළු සංවිධාන එක්‌වෙයි..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහෝසි කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කිරීම, රාජ්‍ය සම්පත් විකිණීම නතර කිරීම සහ එක්‌ටා ගිවිසුම අහෝසි කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් අද (02) දිනය තුළ රට පුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් කෙරේ. ඒ අනුව දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රාශියක් විසින් මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කරන අතර වරාය, ලංකා විදුලිබල, ඛනිජ තෙල්, දුම්රිය, ජලසම්පාදන, ටෙලිකොම් ඇතුළු රාජ්‍ය අංශ සහ පුද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් මේ සඳහා එක්‌වනු අැත.