සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කුමන්ත්‍රණයකින් බලයට පැමිණි වත්මන් අාණ්ඩුව ඒකාධිපති ස්වරූපයෙන් රාජ්‍ය සම්පත් විකුණමින් සිටිනවා – ජාතික සංවිධාන එකමුතුව

කුමන්ත්‍රණයකින් බලයට පැමිණ, ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරමින් සිටින වත්මන් අාණ්ඩුව හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බද්ධ ගිවිසුමට එළඹ අැත්තේ ද ඒ අාකාරයට ඒකාධිපති ස්වරූපයෙන් බව ජාතික සංවිධාන එකමුතුව චෝදනා කර සිටියි.

ඊයේ (01) රාජගිරියේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු අාචාර්ය ගුණදාය අමරසේකර මහතා විසින් මෙම අදහස් පළ කරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ උතුරු ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාව පොලිසිය තුට්ටුවකට මායිම් නොකරන තත්ත්වයකට පත්ව අැති අතර ෆෙඩරල් පාලනයක් අැති කරමින් උතුරු නැගෙනහිර පළාත් වලට පොලිස් සහ ඉඩම් බලතල ලබා දීමට කටයුතු කළහොත් එල්.ටී.ටී.ඊ කොටි සංවිධානය යළි හිස ඔසවනු අැති බවයි.

උතුරු නැගෙනහිර පළාත්තුළ අන්තවාදී දේශපාලඥයින් හට වුවමනා වී අැත්තේ එම පළාත් වලට ෆෙඩරල් පාලනයක් ලබා ගැනීම බව ද අාචාර්ය ගුණදාය අමරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසා සිටියේ හම්බන්තොට වරාය පාඩු ලබන නිසා එය චීනයට පැවරූ බවට වත්මන් අාණ්ඩුව විසින් කරන ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවයි. ඉදිරියේදී මෙම අාණ්ඩුව බලයෙන් පහකර නව අාණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කර මෙම අාණ්ඩුවේ සිටින වංචා, දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින් හට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව ද සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෙෙද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට