දෙවන ටෙස්ට් තරගය අද කොළඹ එස්.එස්.සී හිදී..
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අද (03) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ඉන්දියානු කණ්ඩායම මේ වන විට තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන අැති අතර මෙම තරගය ජයගෙන 1-1 ක් ලෙස තරගාවලිය සම කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව අද තරගවදිනු අැත. උණ රෝගී තත්ත්වය නිසා රෝහල් ගතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් මෙම තරගයට කැදවා අැත.