2017 වසරේ මේ දක්වා අන්තර්ජාලය ගැන පැමිණිලි 1950 ක්..
2017 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ අන්තර්ජාලය සම්බන්ධ පැමිණිලි 1950 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කර සිටියි. ව්‍යාජ ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් ගිණුම්වලට අනවසර ලෙස ඇතුළුවීම, ඡායාරූප ව්‍යාජ ලෙස යොදා ගැනීම අාදී කරුණු සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී අැති අතර විද්‍යුත් තැපෑල සහ වෙබ් අඩවි සම්බන්ධයෙන් ද පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබේ.