කන්ටේනරයක් මතට දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි, කැළණි පාලමේ දැඩි රථවාහන තදබදයක්
කන්ටේනරයක් මතට දැන්වීම් පුවරුවක් කඩා වැටීම නිසා කැළණි පාලමේ, මීගමුව දෙසට දැඩි වාහන තදබදයක් අැතිවී තිබෙන බව වාර්තා වේ. මාර්ගය හරහා ඉහළින් සවිකර තිබූ දැවැන්ත දැන්වීම් පුවරුවෙහි අදාළ කන්ටේනර් රථය ගැටීම නිසා මෙම අනතුරු සිදුව අැති අතර කැළණි පාලම මගහරිමින් රථවාහන ධාවනය කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.