රණවිරුවන් අදත් විරෝධතාවයේ..
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් අද (09) දිනයේදීත් විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. එම සංවිධානය විසින් ඊයේ (08) දිනයේදී ද කොළඹ කොටුවේදී විරෝධතාවක් දියත් කරන ලද නමුත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අද දිනයේදීත් විරෝධතාවක් පැවැත්වීමට තීරණය කළ බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය වැඩිදුරටත් පවසා සිටියි. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වේ.