විරෝධතාවයක් නිසා කොළඹ කොටුව ලෝටස් පාර වැසෙයි.
මේ වන විට කොළඹ කොටුව ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් නිසා කොළඹ කොටුව හා ලෝටස් මාර්ගය අතර කොටස මේ වන විට තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වේ. පාරම්පරික ඉඩම් අයිතිය ඉල්ලමින් ඉරණමඩු ප්‍රදේශයේ ජනතාව විසින් අද (09) උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර පසුව එම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ දැරීම නිසා පොලිසිය විසින් ලොටස් මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් මෙම පිරිසගේ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විරෝධතාකරුවන්ගෙන් කොටසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැදවා ගෙන ගොස් තිබේ.