නීතිපති දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් කාර්යය මණ්ඩලයක් නෑ, ලිපිගොනු ගොඩ ගැහිලා..
නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ප්‍රමාණවත් කාර්යය මණ්ඩලයක් නීතිපති දෙපාර්තමේන්තුව සතුව නොමැති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එන්.ආර්. අබේසූරිය මහතා පවසා සිටියි. තම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ලිපිගොනු පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මන්ඩලයක් නොමැති වීම නිසා ලිපිගෙනු රැසක් දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.