සත්‍යයේ පුවත් අඩහැරය….

සේවයට වාර්තා නොකළ යුධ හමුදා සාමාජිකයින් 777ක් අත්අඩංගුවට…

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් 777 දෙනකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.පසුගිය 18 වැනිදා යුධ හමුදාව සහ පොලිසිය එක්ව සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.මේ වන විට යුධ හමුදාව හැර ගිය සෙබළුන් 4377 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් කර ඇති යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා, එක් දිනක් තුල මෙලෙස හමුදාව හැර ගිය සාමාජිකයන් වැඩිම පිරිසක්‌ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්‌ථාව ලෙස මෙය ඉතිහාසගත වන බව සදහන් කර ඇත. ත්‍රිවිධ හමුදාවම හැර ගිය සෙබළුන් 5000 කට වැඩි පිරිසක්‌ මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින අතර ආරක්‍ෂක අංශ දත්ත වලට අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 36,000 ක්‌ පමණ සේවය හැරගොස්‌ සිටින බව වාර්තා වේ.ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව ද බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට