බස් රථ ප්‍රමුඛතා මංතීරු නීතිය, දෙවන අදියර අද අැරඹෙයි..
පසුගිය 15 වනදා ක්‍රියාත්මක වූ බස් රථ ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියර අද (22) සිට ආරම්භ කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. ඒ අනුව ගාලු පාර, කටුබැද්ද හංදියේ සිට රත්මලාන මැලිබන් හංදිය දක්වාත් බම්බලපිටියේ සිට කොල්ලුපිටිය හංදිය දක්වාත් බස් රථ ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මක වනු අැත.