පළමු වරට ශ්‍රී ලංකාවට 5-0 ක තරගාවලි පරාජයක්..
ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලිය 5 – 0 ක් ලෙස ජය ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (03) සමත් විය. ඊයේ පැවති අවසන් දිවා රාත්‍රී තරගය කඩුළු 06 කින් ජයගත් ඉන්දීය කණ්ඩායම වසර 42 ක මෙරට ක්‍රිකට් ඉතිහාසය තුළ මව් රටේදී එක්දින තරගාවලියක් 5-0 ක් ලෙස පරාජයට පත්වූ පළමු අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි කර දෙන ලදී. මුලින් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය කඩුළු සියල්ලම දැවී ලබා ගත් ලකුණු 238, පන්දුවාර 46.3 ක් තුළ කඩුළු 04 ක් පමණක් දැවී පසුකර යෑමට ඉන්දීය කණ්ඩායම සමත් විය.