පිටකොටුවේ සිට කොම්පඤ්ඤ වීදිය දක්වා බස් ප‍්‍රමුඛතා මන්තීරුව අද සිට..
පිටකොටුවේ සිට කොම්පඤ්ඤ වීදිය දක්වා බස් ප‍්‍රමුඛතා මන්තීරු ක්‍රමවේදයේ තවත් අදියරක් අද (06) සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. අද (06) සවස 04.00 සිට මෙම අදියර ක්‍රියාත්මක කෙරෙනු අැති අතර අද සිට මෙම සියළු ප්‍රමුඛතා මංතීරුවල පාසල් බස් රථ, පාසල් වෑන් රථ, කාර්යාලීය බස් සහ වෑන් රථ ධාවනය කරවීමට ද අවස්ථාව හිමිවනු ඇත.