වැස්ස නිසා සංඥා දෝෂයක්, මාර්ග රැසක දුම්රිය ප්රමාද වෙයි..
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා මාර්ග කිහිපයක දුම්රිය ප්රමාදයක් සිදුව අැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. මරදාන දුම්රිය ස්ථානයේ අැතිවී තිබෙන සංඥා දෝෂයක්, මෙම දුම්රිය ප්රමාදයට හේතුව වී අැති බවත් ප්රධාන මාර්ගයේ මෙන්ම මුහුදුබඩ මාර්ගයේද දුම්රිය කිහිපයක් මේ වන විට ප්රමාද වී අැති බව ද වාර්තා වේ.