සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉල්ලීම් වලට විසදුම් නෑ, විදුලි සේවක වර්ජනය 13 දා සිට දින දෙකක්..

 alt=ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් ලබා නොදීමට එරෙහිව ලබන 13 වනදා දහවල් 12 සිට 15 වනදා දහවල් 12 වන තෙක් දින දෙකක අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. අද (07) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා විසිනි.

සිය අදහස් දක්වමින් රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ වැටුප් විෂමතා ගැටළුව, දූෂිතයින් හට දඩුවම් ලබා දීම, වෘත්තීය සමිති මර්දනය කිරීම අැතුළු පළිගැනීම් නතර කිරීම සහ තාක්ෂණ සේවකයින් හට අවදානම් දීමනාවක් ලබා දීම අැතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ලෙස බලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වනු ලබන බවයි. මෙම වර්ජනයෙන් පසුවද මෙම ඉල්ලීම් සදහා විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඊට විසදුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයක් කරා යොමු වන බව ද රංජන් ජයලාල් මහතා මෙහිදී තවදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති රැසක නියෝජිතයින් සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට