ලබන 20 වැනිදා සිට 26 වැනිදා තෙක් ජාතික මදුරු මර්දන සතියක්..
ලබන 20 වැනිදා සිට 26 වැනිදා තෙක් ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි. ජනාධිපති කාර්යසාධන බළකාය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් යොදා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව අැත. පවතින වැසි සහිත කාලගුණය හමුවේ ඩෙංගු මදුරුවන්ගේ වර්ධනයක් සිදුවිය හැකි බැවින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.